Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිත 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වෙතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගණන් බලා ඇතැයි අනාවරණය වේ.
ඉකුත් වසරේ (2023) පැවැති 75 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 37ක මුදලක් වැයකෙරිණි.
මෙවර 76 වැනි ජාතික නිදහස් දින උත්සවය ගාලු මුවදොරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම ජාතික නිදහස් දින උත්සවය සඳහා සංස්කෘතික අංග එකතු කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹ නැතැයිද අනාවරණය වේ.
ඉකුත් වසරේ (2023) පැවැති ජාතික නිදහස් දින උත්සවයට ආරාධිතයන් 3500ක් කැඳවා තිබුණද මෙවර 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා එම සංඛ්‍යාව 1000කින් අඩු කර තිබේ. ඒ අනුව, මෙවර උත්සවය සඳහා ආරාධිතයන් 2500ක් පමණක් කැඳවීමට නියමිතය.
එමෙන්ම, මෙවර ජාතික නිදහස් දින උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද අනාවරණය වේ.
ජාතික නිදහස් දින උත්සවයේ ඉදිරි කටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැත්වීමට නියමිතව තිබිණි.(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart