Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය 2023 දෙසැම්බරයේ ඩොලර් බිලියන 96 සිට 2024 මාර්තු වන විට ඩොලර් බිලියන 100 දක්වා වැඩි වීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ නව ණය ගැනීම් නොව විනිමය අනුපාත වෙනස් වීම බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළද එය අමෙරිකානු ඩොලර් බිලියන 70 සිට ඩොලර් බිලියන 100 දක්වා වැඩිවීමක් ලෙස ඇතැමුන් වැරදියට අර්ථකථනය කර ඇති බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ තවදුරටත් සඳහන් කළේ 2024 මාර්තු වන විට පවතින ණය තත්ත්වය අමෙරිකානු ඩොලර්වලින් නම් කර ඇති අතර, එය ඩොලර් බිලියන 100කි වන බවයි.
විදේශීය ණය සාමාන්‍යයෙන් ඩොලර්වලින් සටහන් කරන අතර සම්පූර්ණ ණය ගණනයේ දී දේශීය ණය ඇතුළත් කළ විට එය ඩොලර් බවට පරිවර්තනය කෙරෙන බව මහ බැංකුවේ අධිපතිවරයා පෙන්වා දෙයි.
“මීට පෙර අපගේ විනිමය අනුපාතිකය 324ක් වූ නමුත් එය දැන් 301ක්. ඒ අනුව විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් වී තිබෙනවා, එය වාසිදායකයි.
කෙසේවෙතත්, ඉහළ විනිමය අනුපාතිකය අපගේ ණයෙහි ඩොලර් අගය රුපියල්වලින් වැඩි කරනවා. මේ අනුව, අමතර ණය ගැනීමක් නොතිබුණත් විනිමය අනුපාතිකයේ උච්චාවචනය හේතුවෙන් ණය ඉහළ මට්ටමක පවතිනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම තුළින් රට තිරසාර මට්ටමකින් ණය කළමනාකරණය කළ යුතු බව ප්‍රකාශ කළ ආචාර්ය වීරසිංහ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මූල්‍ය කළමනාකරණය දූරදර්ශීව කළ යුතු බවයි.
“ණය ගැනීමට එරෙහිව තර්ක කරන අය සමඟ මම එකඟ වෙන්නේ නැහැ. අපේ රට අයවැය හිඟයකට මුහුණ දෙන තාක් කල් ණය ගැනීම අවශ්‍යයි. මෙය ඓතිහාසික යථාර්තයක්,” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසීය.
“රටට මගේ පණිවිඩය පැහැදිලියි,ණය ගැනීමකින් තොරව රටකට ක්‍රියා කළ හැකි බවට කරන ප්‍රකාශ සමඟ මම එකඟ වෙන්නේ නැහැ. කෙසේවෙතත්, ණය භාවිත කළ යුතු වන්නේ නිෂ්පාදන අරමුණු සහ පරිභෝජන නොවන ආර්ථික කටයුතු සඳහායි. ආර්ථික වර්ධනයට ඉවහල් වන ආයෝජන බවට ණය යොමු කිරීමෙන්, ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි දියුණු කළ හැකියි,”යැයි ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart