October 20, 2023

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (20) සිට විදුලි ගාස්තු ඉහළ දමන ආකරය පහතින් දැක්වේ.

ඒ අනුව, ඒකක 0-30 දක්වා කාණ්ඩයට රු:10ක්ව පැවති එකකය රු:12 දක්වා ද, රු:150ක ස්ථාවර ගාස්තුව රු:180 දක්වා ද, ඒකක 31-60 දක්වා ඒකකයක් රු: 25ක්ව පැවති ඒකකය රු:5 කින් හා එහි ස්ථාවර ගාස්තුව රු:300 සිට 360 දක්වා වැඩි කෙරෙනු ඇත.

එමෙන්ම ඒකක 61-90 අතර කාණ්ඩයේදී රු:35 ඒකකය රු:41ක් දක්වා ද, 400ක ස්ථාවර ගාස්තුව 480 දක්වා ද, 90-120 අතර ඒකකයක් රු:9ක් සහ ස්ථාවර ගාස්තුව රු:1180 කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

121-180 රු:50ක්ව පැවැති ගාස්තුව 59 දක්වාද, එහි ස්ථාවර ගාස්තුව රු:1500 සිට 1770 දක්වා වැඩි කර ඇති අතර, 181ට වැඩි කාණ්ඩයට රු:14කින් ඒකකකය මිල ඉහළ දැමෙනු ඇත.