October 28, 2024

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ සමාලෝචනය ප්‍රමාද වනු ඇතැයි මහ බැංකුව තහවුරු කළේය.

රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම ප්‍රමාදය පිළිගෙන ඇත.

එය සිදුවන්නේ කවදාද යන්න පිළිබඳව කාලසටහනක් මෙතෙක් ලබාදී අනති අතර, සමාලෝචනය 2024 අවසානයට පෙර සිදුවේද යන්න පැහැදිලි නැත.

තුන්වැනි සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ දිගටම කටයුතු කරමින් සිටින බව IMF නියෝජිත කණ්ඩායම මේ මස මුලදී කොළඹ සංචාරයකින් පසුව පැවැසීය.

මේ අතර, වොෂිංටනයේ සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ණය හුවමාරුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බැඳුම්කර හිමියන් හමුවී ඇත.

ආර්ථික අර්බුදය මධ්‍යයේ 2022 දී සිය පළමු ණය පැහැරහැරීම සිදුකළ ශ්‍රී ලංකාව, අන්තර්ජාතික බැඳුම්කරවල ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සැප්තැම්බර් මාසයේදී ණය හිමියන් සමඟ කෙටුම්පත් ගිවිසුමකට එළැඹිණි.

42.31%
17.27%
32.76%