September 17, 2024

ඉන්දුනීසියාවේ පැවති අන්තර්ජාතික රූ රැජින 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තිළිණි කුමාරි අන්තර්ජාතික රූ රැජින ලෙස කිරුළ හිමිකර ගෙන තිබේ.

සැප්තැම්බර් 9 සිට 16 දක්වා දර්ශනීය බාලි දූපතේ පැවති මෙම තරගාවලියට ලොව පුරා රටවල් 20ක තරඟකාරියන් සහභාගී වී තිබිණි.

රංගන ශිල්පිනියක් සහ රූපවාහිනී නිවේදිකාවක් ලෙස කටයුතු කිරීම නිසා ප්‍රසිද්ධියට පත් තිළිණි තරගය පුරාම තම දක්ෂතා සහ ලාලිත්‍ය විදහා දැක්වීමට සමත් වූවාය.

අවසානයේ ඇය කිරුළ තහවුරු කර ගැනීමට සමත්වූවාය.

තරගාවලියෙන් පසු ඇය ඊයේ (16) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.