Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල ‘තරණය’ නමින් කෘතියක් එළිදක්වා තිබේ.
පසුගිය සතියේ කොළඹදී එළිදැක්වූ මෙම කෘතිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් උරුමයේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ විස්තර කර ඇත.
තිලංග 1998 වසරේ ළාබාලතම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා බවට පත් වූයේ වයස අවුරුදු 33 දීය.
ඕස්ට්‍රේලියාව විසින් ආන්දෝලනාත්මක චෝදනා එල්ල කළ අවස්ථාවක රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වූ පරීක්ෂණ කාල පරිච්ඡේද කිහිපයක් ඔහු අධීක්ෂණය කළේය.
තිලංගගේ ක්‍රියාශීලී නායකත්වය යටතේ, පර්ත්හි බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණවලින් පසුව මුරලි චෝදනාවලින් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි විය.
ඔහුගේ ධුර කාලය තුළ ක්‍රිකට් පාලක මණ්ඩලය වාර්තාගත මූල්‍ය ලාභයක් වාර්තා කළේය.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බොහෝ ගුණයකින් පොහොසත් කරමින් වර්ල්ඩ් ස්පෝර්ට්ස් ගෲප් සමඟ අත්සන් කරන ලද තෙවසරක රූපවාහිනී ගිවිසුමකින් පසුවය.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමට ද තිලංග විශාල දායකත්වයක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන සෑම ක්‍රිකට් කණ්ඩායමකම ඉල්ලීමක් වන්නේ ගාල්ලේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමය.
එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට ඔවුන්ගේ නවතම සංචාරයේදී අවශ්‍ය වූයේ ටෙස්ට් තරග දෙකම එම ප්‍රසිද්ධ ස්ථානයේදීම ක්‍රීඩා කිරීමටය.
මෑතකදී, එංගලන්තයේ ලෝඩ්ස්, දකුණු අප්‍රිකාවේ නිව්ලන්ඩ් සහ ඕස්ට්‍රේලියාවේ SCGවලට වඩා ඉදිරියෙන් ලෝකයේ වඩාත්ම කැමතිම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස ගාල්ල ශ්‍රේණිගත කර ඇත.
ග්‍රාමීය ප්‍රදේශවලට පුහුණුවීම් පහසුකම් ලබාදෙමින් ක්‍රිකට් ක්‍රීඩාව රටේ අස්සක් මුල්ලක් නෑර ගෙනයෑමේ වගකීමද තිලංගට හිමිවිය.
යාපනයේ විජයකාන්ත් වියස්කාන්ත් සහ හුංගම ප්‍රදේශයේ දිල්ෂාන් මධුශංක එලෙස හඳුනාගත් ක්‍රීඩකයන්ය.
පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන්ට සුවිශේෂී දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට හැකි විය.
දඹුල්ලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ඔහුගේ අදහස වූ අතර ඔහු මෙම සැලසුම වාර්තාගත කාලයකින් ක්‍රියාත්මක කළේය.
අඩු වර්ෂාපතනයක් සහිත රටේ වියළිම ප්‍රදේශයක පිහිටා ඇති බැවින් මෙම ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හොඳින් සේවය කර ඇත.
මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ කීර්තිමත් ක්‍රිකට් ලේඛකයකු වන ලංකාදීපයේ ක්‍රීඩා කර්තෘ දමින්ද විජේසූරිය විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart