Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරියේදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට පහරදී ඇයගේ බෑගය සොරාගත් සැකකරුවන් දෙදෙනකු සොයාගැනීමට ශ්‍රී ලාංකික දරුවන් දෙදෙනකු පොලිසියට සහාය වී තිබේ.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව අද උදෑසන මෙම සංචාරක කාන්තාව සීගිරි පර්වතයට ගොස් ඇති අතර, ඇය යතුරුපැදියකින් පැමිණ හරස් මාර්ගයකින් නැවත සිය නවාතැනට යමින් සිටියදී සැකකරුවන් මුණගැසී ඇත.
සැකකරුවන් සංචාරක කාන්තාවට පහරදී ඇයගේ මුදල් සහිත බෑගය පැහැරගෙන ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම නිරීක්ෂණය කළ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනකු, එම යතුරුපැදි අංකය සටහන් කර සිය මාපියන්ට දැනුම් දී තිබේ.
කොල්ලය පිළිබඳ දැනගැනීමෙන් පසු ළමුන් සංචාරක කාන්තාව නවතන් ගෙන සිටි නවාතැනේ හිමිකරුට යතුරුපැදි අංකය දන්වා පසුව පොලිසියටද ඒ පිළිබඳව දන්වා ඇත.
සීගිරිය පොලිසිය විසින් විනාඩි 45ක් ඇතුළත සැකකරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක කාන්ත්වගෙන් සොරාගත් බෑගයේ තිබූ ඇමෙරිකානු ඩොලර් 225ක් සහ රුපියල් 20,000ක මුදල සමග සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොල්ලකෑමෙන් තුවාල ලැබූ තුර්කි ජාතික සංචාරක කාන්තාව සීගිරිය ප්‍රාදේශීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart