April 29, 2025

ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන වාහන, මුල්‍ය වංචා ඇතුළු වංචනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලිසිය පැවසුවේ, සැකකරු විසින් 2020 අගෝස්තු මාසයේදී කොළඹ ජාතික රෝහලේ රථගාලෙන් මිලියන 16.5ක වටිනාකමින් යුත් SUV වර්ගයේ මෝටර් රථයක් සොරකම් කර ඇති බවයි.

එමෙන්ම සැකකරු විසින් 2023 දෙසැම්බර් මාසයේදී තවත් පුද්ගලයකුට වාහනයක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 12.5ක් වංචා කර ඇති බව ද පොලිසිය පවසයි.

භාෂා කිහිපයක් හැසිරවිය හැකි සැකකරු රජයේ නිල ලාංඡනය භාවිත කරමින් වාහනවල ගමන් කරමින් සිටින බව ද අනාවරණය වී තිබේ.

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් කිසියම් තොරතුරක් වෙතොත් 071-8591735 සහ 071-8596507 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.