April 16, 2024

ප්‍රමුඛතා පදනම මත ඉදිරියේදී වාහන ආනයනයට අවසර ලබාදීමේ හැකියාව පිළිබඳ කමිටුවක් හරහා අධ්‍යයනය කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

ජනමාධ්‍යවේදීන් හමුවේ ඔහු සඳහන් කළේ සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට දැනටමත් අවසර දී ඇති බවයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1500ක් පමණ ආනයනය සීමා කර ඇති බවත් වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා පනවා තිබූ සීමා මේ වන විට ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

“වාහන ආනයනයට අදාළ කරුණු පිළිබඳව විශේෂ කමිටුවක් අධ්‍යයනය කරමින් සිටිනවා. කුමන වර්ගයේ වාහන අත්‍යවශ්‍යද, පාවිච්චි කළ වාහන ආනයනය කරන්නේද, පාවිච්චි කළ වාහන මොනවාද (භාවිත කළ වසර ගණන), වාහනවල ඉන්ධන පරිභෝජනය සහ මාර්ගවල ධාරිතාව පිළිබඳව කමිටුව සොයා බලනවා,” යැයි ඔහු පැවසීය.

රට යළි අර්බුදයකට නොපැමිණීමට වගබලා ගනිමින් රටේ අවශ්‍යතා සළකා බලා ප්‍රමුඛතා පදනම මත ක්‍රමානුකූලව වාහන ආනයනයට අවසර දෙන බවද ඇමැතිවරයා කීය.

 

42.31%
17.27%
32.76%