March 31, 2024

සීනි බදු වංචාව වැනි බදු වංචාවන්ට හේතුවක් වූ වසර 17ක් පැරණි බදු නීතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

2020 සිට 2021 දක්වා සීනි බදු වංචාවේදී පමණක් රජයට සිදුව තිබු පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 16 කි.

ඒ අනුව මෙවැනි බදු වංචාවන්ට හේතුවක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉවත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

රේගු බදු, වැට් බද්ද සහ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඇතුළුව නිශ්චිත ආනයනික ආහාර සඳහා යොදන ලද වෙනත් තීරුබදු කිහිපයක් වෙනුවට මෙම බද්ද 2007 වසරේ දී හඳුන්වා දෙන ලදී.

එහි තාර්කිකත්වය වූයේ, නිරන්තරයෙන් උච්චාවචනය වන අර්තාපල්, සහල් සහ පරිප්පු වැනි මහා පරිමාණ ආනයනික භාණ්ඩ සමඟ, විවිධ බදු හතරක් හෝ පහක් ගැළපීම හරහා දේශීය මිල පාලනයක් සාක්ෂාත් කර ගැනීම වඩාත් සංකීර්ණ වීමයි.

එබැවින් එවක මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඒකාබද්ධ බද්දක් ලෙස සකස් කරන ලද අතර, එය ඉහළ දැමූ විට හෝ අඩු කරන විට, දේශීය මිල ගණන් වෙනස් කිරීමට රජයට පහසුවක් වේ.

නිදසුනක් වශයෙන්, අර්තාපල්, ළූණු හෝ වෙනත් කෘෂිකාර්මික නිෂ්පාදන දේශීය වශයෙන් කන්නයේ පවතින විට, ආනයනය අධෛර්යමත් කිරීම සඳහා එම ආනයනවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නංවනු ලැබේ.

එසේත් නැතිනම් ගෝලීය වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ මට්ටමක පවතින විට, බදු අඩු කිරීම මගින් දේශීය වශයෙන් ඒවා වඩාත් දැරිය හැකි මිලකට ලබාදීමට හැකි වේ.

42.31%
17.27%
32.76%