February 15, 2024

ජනාධිපතිවරණය කල් දැමීමට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එක්සත් ජනරජ පෙරමුණ විසින් කොළඹදී ඊයේ පස්වරුවේ සංවිධාන කර තිබූ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇය වෙත මෙම ප්‍රශ්නය යොමුකර තිබිණි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මත පළවුවද ජනාධිපතිවරණයක් පවත්වන බවට පසුගියදා ජනාධිපති කාර්යාලය ලබාදුන් සහතිකය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම හිටපු ජනාධිපතිනිය ප්‍රතික්ෂේප කළාය.

“මට කියන්න පුළුවන් එකම දේ ජනාධිපතිවරණය කිසිසේත් කල් දැමිය නොහැකි බවයි ” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

42.31%
17.27%
32.76%