![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/WIMAL-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවින් ලබන සතියේදී ඔහුට නිල වශයෙන් චෝදනා ගොනුකිරීමට ඉඩ ඇති බව නීතිපති පාරින්ද රණසිංහ පවසයි.
“මම පසුගිය සතියේ නාමල් රාජපක්ෂට චෝදනා ගොනුකළා. යෝෂිත රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තිබෙන නිසා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මම පොලිසියට නියෝග කළා. අධිචෝදනා නියෝගය ලබන සතියේ හෝ ඉතා ඉක්මණින් නිකුත් කරනු ඇත” යනුවෙන් නීතිපතිවරයා Sunday Morning වෙත පවසා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඉකුත් දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප නියම කෙරිණි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුව රුපියල් මිලියන 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ විදේශ ගමන් තහනමක් ද පනවීමෙන් අනතුරුවය.
එමෙන්ම සෑම මසකම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනීසිටින ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඔහුට නියෝග කෙරිණි.
පසුගිය ජනවාරි 25 වැනිදා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට සම්බන්ධ රුපියල් මිලියන 34ක වටිනාකමකින් යුත් ඉඩම් නඩුවකට සම්බන්ධ සාක්ෂි මත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකින් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart