
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පාසල්වල, විශේෂයෙන් නාගරික ජාතික පාසල්වල උසස් පෙළ පන්ති සඳහා බරපතල ගුරු හිඟයක් පවතින බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් 30,000ක පමණ හිඟයක් පවතින බවට දිගින් දිගටම ප්‍රකාශ කළද එම හිඟය පියවීම සඳහා නිශ්චිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.
“රජයට දිගින් දිගටම හිඟයක් පවතින බ පැවසුවත් ගුරුවරුන් බඳවාගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. කොළඹ වැනි නගරවල ජාතික පාසල්වලට-විශේෂයෙන් උසස් පෙළ පන්තිවලට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. මේ හමුවේ දැනට සිටින ගුරුවරුන් අධික වැඩ බරින් මිරිකී සිටින අතර විද්‍යාව සහ ගණිතය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරීන් මෙන්ම සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා” ජෝසප් ස්ටාලින් අවධාරණය කරයි.
ඔහු මෙම තත්ත්වය විස්තර කළේ, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානම් වන දහස් ගණන් සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට තර්ජනයක් වන බරපතල අර්බුදයක් ලෙසයි.
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වාදෙන්නේ, අවිධිමත් උපකාරක පන්ති අංශයේ වර්ධනය මෙම ගුරු හිඟයේ සෘජු ප්‍රතිඵලයක් ලෙසයි.
විධිමත් අධ්‍යාපන ක්‍රමයේ ඇති හිදැස් පිරවීම සඳහා සිසුන් සහ දෙමාපියන් පෞද්ගලික උපකාරක පන්ති මත යැපෙන බව පෙන්වාදෙමින් ඔහු අනාවරණ කරන්නේ, රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේවනවිට උපකාරක ක්‍ෂේත්‍රය තුළ සංසරණය වෙමින් පවතින බවයි.
වත්මන් රජයේ 2025 අයවැය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ගැටලු විසඳීමට අසමත් වූ බවටද මහාචාර්ය වසන්ත අතුකෝරල චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart