Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් බාල කාබනික පොහොර චීනයට ආපසු හරවා යැවීම සහ ඩොලර් මිලියන 6.7ක මුදලක් සැපයුම්කරුට ගෙවීම සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බව පිළිගන්නා බවත්, මූලික පරීක්ෂණවලට අනුව ඊට සම්බන්ධ වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බව පෙනීයන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර ඇමැතිවරයා පැවසුවේ, මෙම වංචාවට කිසිදු දේශපාලනඥයකු සම්බන්ධ නැති බවට මූලික වාර්තාවලින් හෙළිවී ඇති බවයි.
“විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමක් පත් කිරීමට මම තීරණය කර තිබෙනවා. අවසන් පත්කිරීම නුදුරේදීම සිදු කෙරෙන අතර කොමිසමට කඩිනමින් පරීක්ෂණ ආරම්භ කිරීමට හැකිවනු ඇති” යැයි ද ඇමැතිවරයා පැවසීය.
පොහොර තොගය ආපසු එවා තිබුණද සැපයුම් සමාගමට ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවා ඇති බව ඇමැතිවරයා පිළිගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart