Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත(ඔන්ලයින්) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවලින් බරපතල විවේචන ඉදිරිපත්ව තිබේ.
එම කෙටුම්පත් සම්මත වුවහොත් එය මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ මළගම බව අපගේ අදහසයි.
පහතින් දැක්වෙන්නේ ආණ්ඩුවේ මෙම උත්සාහය සම්බන්ධයෙන් මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.
“ළමයි කාන්තාවන් රකින්න කියන ලස්සන අයිසින් ටික තවරලා අද පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න යන ඔන්ලයින් සේෆ්ටි බිල් එක ලංකාවේ භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස පමණක් නෙමෙයි, තවත් සිවිල් හා දේශපාලන වගේම ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් ගණනාවකටම දැඩි අහිතකර බලපෑම් ඇති කරන බව පැහැදිළියි. ඒක අපි හැමෝටම දැනෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.
ඒත් අද වෙන්න පුලුවන් තවත් භයානකම දෙයක් තමයි, පාර්ලිමේන්තුව මේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීරණ, නිර්දේශ වුනත් නොසළකා හැරල තමන්ට ඕන විදිහට තමන්ට අවශ්‍ය සංශෝධන විතරක් කරල මේ කෙටුම්පත නීතියක් බවට පත්කරගන්න තියන ඉඩකඩ. පාර්ලිමේන්තුවෙ ඉන්න පිරිස ඒ වගේ දෙයක් කළොත් ඒකට කරන්න පුලුවන් දෙයක් අපට නෑ. තවත් සරලව කිව්වොත් මොකක් හරි කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කරල ඒක කථානායක අත්සන් කළාට පස්සේ ඒකෙ නීති විරෝධී දෙයක්, අපි මේ වෙනකම් දැක්කේ නැති දෙයක් තිබුණත්, ඒක අධිකරණය ඉස්සරහ ප්‍රශ්න කරන්න පුලුවන් කමක් නෑ.
නීතියක වලංගුභාවය අධිකරණය ඉදිරියේ අභියෝගයකට ලක්කරන්න පුළුවන් නීතියක් නැති, ඒ ගැන ප්‍රායෝගික භාවිතයක්වත් නැති ලෝකයේ වෙනත් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයයක් හොයාගන්න නැති තරම්. ලෝකයේ රටවල් 100කටත් වඩා වැඩි සංඛ්‍යාවක නීතියක වලංගුභාවය, ව්‍යවස්ථානුකුලභාවය අධිකරණයේ දී ප්‍රශ්න කරන්න පුලුවන් බව ඒ රටවල ව්‍යවස්ථාවේම දක්වල තියනවා. ඇමරිකාව, නවසීලන්තය වගේ තවත් රටවල් ගණනාවක ඒක ව්‍යවස්ථාවේ නැතත් භාවිතයක් විදිහට පවතිනවා.
ඒත් අපේ එහෙම කිසි ක්‍රමයක් නැහැ.ඒ නිසා , ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නිර්දේශ වුණත් එහා මෙහා කරල තමන්ට ඕන විදිහට, තමන්ට ඕන දේවල් ටිකක් දාල මේ කෙටුම්පත නීතියක් බවට පත්කරගන්නත් ඉඩ තියනවා. එහෙම වුණොත් හැදෙන්නෙ අපි මේ අනතුරුදායක ලෙස දකින ඔන්ලයින් සේෆ්ටි බිල් එකටත් වඩා භයානක නීතියක්. එහෙම වුණොත් මිනිස්සුන්ට නිදහසේ අදහසක් කියාගන්න තියන අන්තර්ජාල වේදිකාවත් යුක්තිය කියන නමට මුවාකරල බැදල දාන්න වැඩි දවසක් යන එකක් නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart