53.84%
19.85%
20.11%
September 5, 2023

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

‘ඩේලි මිරර්’ සඳහන් කරන ආකාරයට ‘කේඩීයූ විමර්ශනයට ලක්ව ඇත’(KDU under Scrutiny) මැයෙන් පළකරන ලද වාර්තාවක් පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබේ.

ලැබී ඇති නියෝග අනුව, මේජර් ජෙනරාල් පීරිස් ජුනි මාසයේදී ඉල්ලා අස්වීම භාර දුන් නමුත් සුදුසු අනුප්‍රාප්තිකයකු පත්කරන තෙක් ඔහුගේ රාජකාරි කටයුතු කිරීමට අවසර ලැබී තිබේ.

දැන්, නව උපකුලපතිවරයා ලෙස බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර පසුගිය සැප්තැම්බර් 01 සිකුරාදා වැඩ භාරගෙන ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වසර තුනක කාලයක් සඳහා සිකුරාදා වැඩ භාරගත් බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් තහවුරු කර තිබේ.

හිටපු උපකුලපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පරීක්ෂණයක් පවත්වන්නේදැයි කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිවරයා පවසා ඇත්තේ, චෝදනාවල සත්‍යතාවක් තිබේද යන්න සොයා බැලීම සඳහා වෝහාරික විගණනයක් පවත්වනු ඇති බවයි.

53.84%
19.85%
20.11%