53.84%
19.85%
20.11%
September 5, 2023

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කළ තිබුණද, පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා එය දින නියමයකින් තොරව කල්දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවේදී මහලේකම්වරයා ඒ පිළිබඳව මෙසේ ද සඳහන් කළේය.

”මෙම සම්මේලනය පැවැත්වීමට ප්‍රථම අපේ පක්ෂ නායක ජනාධිපතිවරයා අපෙන් ඉල්ලීමක් කළා ආසන 70ක බල මණ්ඩල පිහිටුවා අවසන් කරලා දෙන්න කියලා. අපිට පුළුවන් වුණා බලමණ්ඩල 153ක් අතිසාර්ථකව පවත්වන්න. තව බලමණ්ඩල 09යි ඉතිරි වෙලා තියෙනවා.

ඒ ආසන බලමණ්ඩල 09 දොළොස්දෙනෙක්ගේ වගකීම යටතේ තමයි තියෙන්නේ. ඔවුන්ගේ අසාර්ථකත්වය, වගකීම් පැහැර හැරීම, අසමගිය සහ පාක්ෂිකයන්ට අවලාද කිරීම යන කරුණු නිසා මේ බලමණ්ඩල පවත්වන්න නොහැකිවෙලා තියෙනවා.

ඒ වගේම මේ වගකීම් පැහැරහැරපු බලයලත් නියෝජිතයන් දෙපළක් ඒ වගකීම්වලින් ඉවත් කරන්න මේ වනවිට අපි පියවර අරගෙන තියෙනවා.”

53.84%
19.85%
20.11%