42.31%
17.27%
32.76%
October 17, 2023

එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ලබන වසරේ දී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විට තීරණ කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සඳහන් කරයි.

කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පැවැති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ“ ගෞරව නාමය පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටෙහිම දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නායක හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය, හිටපු කතානායක, නිකායාරක්ෂ දායක සභාවේ සභාපති කරු ජයසූරිය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න,ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන යන අය සහ චීන බෞද්ධ ගිහි පැවැදි දූත පිරිසක් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

42.31%
17.27%
32.76%