Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ ගුවන් යානයක වැසිකිළියක් තුළ වූ කළු පැහැති පාර්සලය බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන අත්හිටුවා, බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමේදී එය කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්තරන් පාර්සලයක් බව තහවුරු වීමෙන් පසුව, එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.
ඉන්දීය ගුවන් සේවයේ AI 272 දරන ගුවන් යානය ඊයේ (10) පස්වරු 1.35ට කටුනායක ගුවන් තොටුපොළෙන් චෙන්නායි නුවර බලා පිටත්ව යෑමට ධාවන පථය වෙත ගමන් ආරම්භ කර ඇත.
එම ගුවන් යානයේ පසුපස වැසිකිළිය තුළ අයිතිකරුවකු නොමැති කළු පැහැති පාර්සලයක් ඇති බව එහි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් සිය අවසන් පරීක්ෂණයේදී සොයාගෙන තිබේ.
ඒ අනුව මෙම ගුවන් යානය ගුවන්ගත නොවී පස්වරු 1.40ට ධාවන පථයෙන් ආපසු හරවා ගෙන ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඉන්පසුව සියලුම ගුවන් මගීන් පිටතට බස්සවා, යානය හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමකට ලක්කර ඇති අතර, එහිදී එම පාර්සලය බෝම්බයක් නොව රත්තරන් පාර්සලයක් බවට තහවුරු කර තිබේ.
ඉන් අනතුරුව කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්තරන් ක්‍රීම් වශයෙන් අඩංගු පාර්සලය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති අතර, එම පාර්සලයේ හිමිකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
මෙම ඉන්දීය ගුවන් යානය ඊයේ පස්වරු 4.43ට යළිත් චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart