February 8, 2024

විවිධ දත්ත උපයෝගී කර ගනිමින් CEOWORLD magazine ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනාගේ ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ප්‍රංශ ජාතික Francoise Bettencourt Meyers එම ලයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙන අතර, ඇයගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 98ක් ලෙස දැක්වේ.

ඇය ප්‍රංශයේ ලෝප්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක නිර්මාතෘවරයාගේ මිණිබිරියක් වීම විශේෂත්වයකි.

ලොව ධනවත්ම කාන්තාවන්ගේ ලයිස්තුවේ දෙවැනි ස්ථානය ඇමරිකානු ජාතික Alice Walton හිමි කරගෙන තිබේ. ඇයගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 64ක් ලෙස සඳහන් වේ.

ඇමරිකානු ජාතික Julia Koch සහ Jacqueline Mars පිළිවෙලින් තෙවැනි සහ සිව්වන ස්ථානය හිමිකරගෙන ඇත.

අමෙරිකානු ඩොලර් බිලියන 34ක් හිමිකරගෙන සිටින Amazon නිර්මාතෘ Jeff Bezosගේ දික්කසාද බිරිඳ වන Mackenzie Scott එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

එසේම, ලොව ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, එම පිරිසෙන් 12.75%ක් කාන්තාවන් වීමද විශේෂත්වයකි.

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ.