42.31%
17.27%
32.76%
October 4, 2024

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තුන්වැනි සමාලෝචනය සඳහා දින නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව එම අරමුදල ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Julie Kozack පැවසුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රමුඛ ඉහළ පෙළේ කණ්ඩායමක් මේ වන විට ජනාධිපති දිසානායක සහ ඔහුගේ නව ආර්ථික කණ්ඩායම හමුවීමට කොළඹට පැමිණ සිටින අතර දූත පිරිස බලධාරීන් සමඟ නවතම ආර්ථික වර්ධනයන් සහ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු ගැන සාකච්ඡා කරන බවයි.

“විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තුන්වැනි සමාලෝචනයේ දිනයන් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරනු ලබන අතර මෙම නියෝජිත පිරිස ඔවුන්ගේ සංචාරය අවසන් වූ විට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ඇති,” යනුවෙන් ඇය පැවසුවාය.

වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත් බවත්, ආර්ථික වර්ධනය පුනර්ජීවනය කිරීම, උද්ධමනය අඩු කිරීම, සංචිත ඉහළ නැංවීම සහ ආදායම් ඒකරාශී කිරීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඵල දරන බවත් Kozack පැවසුවාය.

“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ විස්තීරණ අරමුදල් පහසුකම වැඩසටහන යටතේ 2024 වගන්තිය IV උපදේශනය සහ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එහි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම වෙනුවෙන් රටට ඩොලර් මිලියන 336ක පමණ ක්ෂණික ප්‍රවේශයක් ලබා දුන්නා. වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත්. ආර්ථික වර්ධනය පුනර්ජීවනය කිරීම, උද්ධමනය අඩු කිරීම, සංචිත ඉහළ නැංවීම සහ ආදායම් බලමුළු ගැන්වීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ උත්සාහයන් ඵල දරමින් තිබෙනවා. කොහොම වුණත් අපි කලින් පවසා ඇති පරිදි දුර්වලතා සහ අවිනිශ්චිතතාවන් පවතිනවා. මෙයින් අදහස් කරන්නේ ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීම ඉතා වැදගත් බවයි, ”යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

බැඳුම්කර හිමියන් පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ සැප්තැම්බර් 18 වැනි දින ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් ලබාදෙන සහනවල සංසන්දනාත්මක බව තහවුරු කිරීමට යටත්ව ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික බැඳුම්කර නියෝජිතයන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණි බවත්, මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැළකිව යුතු ප්‍රගතියක් නියෝජනය කරන බවත්ය.

42.31%
17.27%
32.76%