Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘පේරු දානය’ නොදුන්නා යැයි කියා හෝ පන්සලේ රැස්වීමට නොපැමිණියා කියා දායකයන්ට දඩ ගසන්න පන්සල පොලිසියක් නොවේ යැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.
එලෙස දායකයන්ට දඩ ගසන පන්සල්වල පාලක හිමිවරුන්ට එරෙහිව මහනාහිමිවරුන් වහාම සුදුසු පියවරක් ගතයුතු යැයිද උන්වහන්සේ අවධාරණය කරති.
වර්තමානයේ බොහෝ මිනිස්සුන්ට පන්සලට දානය ලබාදෙනවා තියා තමන්ගේ දරුවන්ගේ බඩකට පුරවන්නවත් නොහැකි තත්වයක් උදාවි ඇති බවත්, ඒ අතරතුර පන්සලට දානේ නොදුන්නා කියා දඩ ගැසිම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩක් යැයිද වනවාසි රාහුල හිමියෝ පෙන්වාදෙති.
දානය නොදුන්නා කියා හෝ දායක සභාවේ රැස්විමට නාවා කියා පන්සලෙන් දඩ ගසන්නේ කුමන නීතියක් යටතේදැයි සෙවිය යුතු බවත්, පන්සල අහිංසක මිනිස්සු තලන පෙලන වධකාගාරයක් නොවිය යුතු බවත් මතක තබාගත යුතු බවත් උන් වහන්සේ කියති.
පන්සලකට පේරු දානය නිවැරදි දිනයට ලබාදීමට නොහැකි වූ නිවසක සිදුවූ මරණයකදී, අදාළ නිවසේ ‘හත්දවසේ බණකට’ යෑමට රුපියල් හතලිස් දහසක දඩයක් ගැසූ පුවතක් පසුගියදා ජනමාධ්‍යයෙන් ප්‍රචාරය වූ අතර අවසානයේ බණ වෙනුවෙන් භික්ෂුන් වහන්සේ නමක් කැඳවා තිබුණේ පොලිස් ආරක්ෂාව යටතේ වෙනත් විහාරස්ථානයකිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart