Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී, ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බවට පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ .
මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මලිත් නිසංසල සංජීව නමැති මෙම සැකකරු 2022 වසරේ නොවැම්බර් මස 26 වැනි දින දී පාසල් සිසුවකුට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියයි .
එම අවධියේදී මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රවෘත්තියක් වූ එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුට එරෙහිව පීඩාකාරී පනත යටතේ චෝදනා රැසක් ගොනුකොට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබිණි .
මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හැදෑරූ එම සිසුවා එවකට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමර්ථ 09 ක් ලබමින් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටියදී එම ඛේදවාචකයට මුහුණ දී තිබිණි.
සැකකරු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා සියලු පොලිසිය ඒකාබද්ධව මෙහෙයුම් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart