Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2018 ඔක්තෝබර් මාසයේදී එවක අගමැතිවරයාව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම තනතුරින් ඉවත් කිරීම සහ එවක විපක්ෂ මන්ත්‍රීවරයකුව සිටි වත්මන් ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එම තනතුරට පත්කිරීමට එවක ජනාධිපතිව සිටි වත්මන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ගත් පියවර අභියෝගයට ලක්කරමින් ඕෂල හේරත් විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය.
ඕෂල හේරත් කියාසිටියේ, වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිරිසේන ගත් පියවර පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කළ ද, ඔහු විසින් වික්‍රමසිංහ ඉවත් කිරීම අභියෝගයට ලක්කිරීමට එවැනි පක්ෂ මැලිකමක් දැක්වූ බවයි.
කෙසේවෙතත්, එය අභියෝගයට ලක්කරමින් තමන් සහ තවත් පාර්ශවයක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ නමුත් අනෙක් පාර්ශ්වය එම පෙත්සම ඉල්ලා අස්කර ගත් බව ඔහු සඳහන් කළේය.
ඕෂල හේරත් වෙනුවෙන් නීතීඥ ෂේන් ෆොස්ටර් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිටි නීතීඥ නිරංජන් ද සිල්වාට අනුව, හේරත් විසින් ගොනුකරන ලද අංක SC/FR/ 380/2018 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා,කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන පිරිස ඉදිරියේ විභාගයට ගෙන ඇත.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරියට ගෙනයෑමට අවසර ලබා දී තිබේ.
මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන්ට පෙත්සම යළි සළකා බලන විට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇති බව ද නීතීඥ නිරංජන් ද සිල්වා වැඩිදුරටත් පැවසීය.
රනිල් වික්‍රමසිංහ හදිසියේ ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීමට සිරිසේන ගත් ක්‍රියාදාමය තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙස ඕෂල හේරත් සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ වන විට ක්‍රියාත්මක වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හදිසියේ අගමැති කාර්යාලය ඉවත් කිරීම නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ඔහු පෙත්සමින් පෙන්වා දී ඇත.
එබැවින් රනිල් වික්‍රමසිංහ ඉවත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඔහු පෙත්සමින් ඉල්ලා තිබේ.
2018 ඔක්තෝබර් 26 වැනි දින මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් නෙරපාහැරීමට ප්‍රථම, 2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමත් සමඟ ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවිය.
රාජපක්ෂ පත්කිරීම නීති විරෝධී බව වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුව අවධාරණය කළ අතර, ඔහු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළේය.
මෙම තත්ත්වය දේශීය හා අන්තර්ජාතික වශයෙන් විවේචනයට ලක්වූ අතර අවසානයේ සිරිසේනට සිදුවූයේ වික්‍රමසිංහ නැවත අගමැති ලෙස පත්කිරීමටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart