52.9%
21%
19.6%
August 25, 2023

ඒල්.පී.එල් තරඟාවලිය බරපතල ගැටලු සහිත සූදූ පොළක් වූ ආකාරයත්, එල් .පී.එල් ශුරතාවබ දිනාගත් බී ලව් කැන්ඩි කණ්ඩායමේ අනුග්‍රහකයා ක්‍රිප්ටෝකරන්සි ප්‍රවර්ධනට කරන ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව තහනම් සමාගමක් බවත් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඊයේ (24) පාර්ලිමේන්තුවේ හෙළිකළේ⁣ය.

ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය නොමැතිව පැවැත්වූ මෙම තරඟාවලියේ ප්‍රධාන භුමිකාවක් කළ සූදූ ඔට්ටු වෙබ් අඩවි 15 ක් පිළිබඳවද අධිකරණ ඇමැතිවරයා මෙහිදී හෙළිකළේය.

තරගාවලියට අනුග්‍රහය ලබාදුන් SKYFAIR යනු නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවි⁣යක් බවද හෙතෙම අනාවරණය කළේය.

අධිකරණ ඇමතිවරයා එහිදී මෙසේ ද පැවසුවේය.

“මෑතකදී පැවැත්වු එල්.පී.එල් තරඟාවලිය පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා. විශේෂයෙන් ක්‍රිකඩ් පාලක මණ්ඩලය යන දිශානතිය සම්බන්ධව එතනදී ගැටලුවක් මතුවෙනවා. ඒකට හේතුව මේකයි.එල්.පී.එල් තරඟාවලියේදී ක්‍රිස්ටො කරන්සි ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා. ඒ තුළ T 20 ෆැන්චයිස් පදනම කරගත්ත ලීගයේ මාතෘකා අනුග්‍රහය SKYFAIR යන නීති ව්රෝධි ඔට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙඩ් අඩවියක්. අපේ රටේ නීතියට අනුව ඒවා තහනම්. ඒ තහනම් දේවල් ප්‍රවර්ධනය සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරලා තිබෙන්නේ.

අනුග්‍රහයකින් රාශියක් නීති විරෝධි ඔට්ටු වෙඩ් අඩවි පවත්වාගෙන යන ආයතන.එවැනි ආයතන 15 ක් හඳුනාගෙන තිබෙනවා. Skyfair , news , 1xbet , 1xbook , cricket in kheloyar news , babu88 , SAT sport , Wolf 777, tiger ESCH , BA fry coin , MTFE තමයි ඒ අඩවි. එතකොට බලන්න මේ ආයතන සියල්ලම ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවල යෙදිලා තියන ඒවා. නැත්නම් ක්‍රිප්ටෝකරන්සි ගනුදෙනු සිදු කරන ඒවා. ජයග්‍රහණය ලබපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තිබෙන්නේ බී – ලව් කියන ක්‍රිප්ටොකරන්සි ආයතනය .ඒක තහනම් කරපු ආයතනයක්. මේ ක්‍රිකට් මණ්ඩලය කරපු ක්‍රියාදාමය නීතියෙන් පිට කරපු ක්‍රියා කටයුතු හරිද වැරදිද කියලා හොයන්න. ඇමතිවරයාට වගකීමක් තියෙනවා. හොයලා වැඩක් නෑ. ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා. ඒක ව්‍යාවස්ථාවෙන් පැවරිලා තියෙන වගකීමක්.

දූෂණ විරෝධී පනතේ 108 වැනි වගන්තිය අලුතින් හදුන්වලා තියෙනවා. මේ ක්‍රීඩා සම්බන්ධව අල්ලස් තුටු පඩුරු ලබා දීම ඒවා භාර ගැනීම අවුරුදු 07ක සිර දඩුවමකට ලක් විය යුතු , මිලියනයකට නොවැඩි දඩයකට ලක් විය යුතු වරදක් විදියට නීතිය ඔබතුමාලා සම්මත කරලා දුන්නා. ඒක 2023 අංක 09 දරන පනත. ඒකෙ 109 වගන්තියත් මේකට අදාළයි. ඒ වගන්තිය යටතේ ක්‍රිකට් මණ්ඩලය විතරක් නෙවෙයි ඕනෑම තැනැත්තෙක් පසුගිය කාල සීමාව තුළ උපයාගත්ත ධනය උපයා ගත්ත ආකාරය පැහැදිලි කළ යුතුයි. ඒ පැහැදිලි කිරීම ඇමැතිවරයා කර ගත යුතුයි. එහෙම පැහැදිලි කිරීමක් කර ගන්න බැරි නම් කලින් කී දඩුවම් වලට යටත් විය යුතු වරදක්. ඇමැතිවරයාට බලය තීනවා ඒ බලය පාවිච්චි කරන්න. මේ යෝජනා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා දෙන්න සති දෙකක් ඇතුළත අපි පනත සම්පාදනය කරල දෙනවා.”

52.9%
21%
19.6%