January 11, 2024

කළුතර මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක චැනල් සේවයේ යෙදී සිටියදී, චැනල් කාමරයේ සිය සහායට සිටින සහායක හෙදියකට (Channel Girl) පහරදුන් බවට ඇය කළුතර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පහරකෑමෙන් තමන් බිම ඇද වැටුණු බවද සහායක හෙදිය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේ එහි සිටි රෝගියා ද වෛද්‍යවරයා පහරදෙනු දුටු බවට පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික රෝහලේ හිමිකාරිනියගෙන් කළ විමසීමකදී ඇය ප්‍රකාශ කර ඇත්තේ, එවන් පැමිණිල්ලක් තම රෝහලේ සේවිකාවක විසින් පොලිසියට කර ඇති බව සත්‍යයක් බවය.

42.31%
17.27%
32.76%