November 22, 2023

වෙළඳපොළේ දුඹුරු සීනි ලෙසින් අලෙවි කෙරෙන්නේ දුඹුරු පැහැ වර්ණක(ඩයි) යොදන ලද සුදු සීනි බවත්, මෙය විශාල වංචාවක් බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර අනාවරණය කරයි.

ජනමාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වාදුන්නේ, තමා මෙරට ප්‍රධානපෙලේ සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගත් දුඹුරු සීනි, දුඹුරු පැහැයට හැරවීමට ඩයි කළවම් කර ඇති බවයි.

එම චෝදනාව ඔප්පු කිරීම සඳහා ඔහු අදාළ සීනිවලින් කොටසක් ජලයට දමා පෙන්වූ අතර, ජලයට දැමූ සිනී ක්ෂණයකින් සුදු පැහැයට හැරී අවර්ණ ජලය දුඹුරු පැහැයට හැරෙනු දැකගත හැකිවිය.

රුපියල් 220ක 240ක පමණ වටිනාකමින් යුත් සුදු සීනි මෙලෙස ඩයි යොදා දුඹුරු පැහැයට හරවා රුපියල් 370ට පමණ මුදලකට විකුණන බවත්, ඉන් ජාවාරම්කරුවන් සීනි කිලෝවකින් රුපියල් සියයකට වඩා ලාභ ලබන බවත්, ඔහු පැවැසීය.

ආණ්ඩුව බදු වැඩිකර මෙම සීනි ජාවාරමට අත දුන් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%