
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමලත් බන්ධනාගාර අධිකාරිවරයකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
රහස් පොලිසිය විසින් ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇති ‘මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය’ ආධාරයෙන් පිටත්වීමේ පර්යන්තයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
සැකකරු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා යෑමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-404 දරන ගුවන් යානයට ගොඩවීමට සූදානම් වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ කුලීවත්ත ප්‍රදේශයේ පදිංචි විජේමුණි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ‘කරන්දෙණිය සුද්දා’ නමින් හැඳින්වෙන දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ වෙඩික්කරුවකු සහ සමීපතමයකු බව වාර්තා වේ.
ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සන්දීප් බණ්ඩාර නමින් නිකුත් කර ඇති වංචනික ගමන් බලපත්‍රයක් සැකකරු සතුව තිබී ඇත.
ඔහු ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් වසම්වල සිදුවූ ඝාතන සිදුවීම් සහ මුල්‍ය වංචා සම්බන්ධයෙන්ද පොලිසියට අවශ්‍යව සිටි අයකු බව පැවැසේ.
අද පෙරවරු 7.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා අද පෙරවරු 10.00 ට පමණ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart