February 26, 2024

පාර්ලිමේන්තුව විසින් පසුගියදා සම්මත කරන ලද මාර්ගගත ආරක්ෂණ පනතට එරෙහි දෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ එක්සත් සියවස් පෙරමුණේ නිලධාරීන් හතර දෙනෙකු විසින් වන අතර එක්සත් සියවස් පෙරමුණේ සභාපති ආසිරි ප්‍රශාන් ජොනතන් ද විසර් ය, භාණ්ඩාගාරික එස්.හේශංක සුරාජ් ප්‍රනාන්දු, උපදේශක කමිටු සාමාජික හේමින්ද නිශාන් ජයවීර සහ විධායක කමිටු සාමාජික ප්‍රියංකා ජෙයරාජ් නසීර් හසන් මෙම පෙත්සම්කරුවන් වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති මොහොතක පනත් කෙටුම්පත සහතික කිරීමට කථානායකවරයා ක්‍රියා කිරීම බැලූ බැල්මට ව්‍යවස්ථා විරෝධී බවත් නීතිවිරෝධී සහ ශුන්‍ය ආරම්භයක් බවත් පෙත්සම්කරුවෝ තර්ක කරති.

මෙම පෙත්සමෙහි සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉස්මතු කරන ලද ව්‍යවස්ථාමය නොගැළපීම් කිහිපයක් තහවුරු කර නොමැති  බව සැකයකින් තොරව පෙනෙන බවයි.

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එහි විධිවිධාන 31ට සිදු කරන සංශෝධනවලට යටත්ව සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකි බවත් පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

“ඇත්ත වශයෙන්ම, 2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනත නම් වූ ලේඛනය ප්‍රකාශයට පත් කරන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මකා දැමිය යුතු බවට උපදෙස් දුන් වගන්ති කිහිපයක් මකා දමා නොතිබුණි,” යනුවෙන් මෙම පෙත්සමෙහි සඳහන් වේ.

“පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට හුදු හෝ අර්ධ වශයෙන් අනුකූල වීමෙන් ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වලංගු භාවයෙන් තොර වන අතර ඒ අනුව එය නීතියක් බවට පත් කළ නොහැක” යනුවෙන් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

තෝරාගත් හෝ අර්ධ වශයෙන් සංශෝධන නොව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීම අවශ්‍ය බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

2024 පෙබරවාරි 1 වැනි දින කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සහතික කිරීම අභියෝගයට ලක්කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ද පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සම මගින් නීතිපතිවරයා ද වගඋත්තරකරුවකු ලෙස නම්කර තිබිණි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත (OSB) නීතියක් බවට පත්කිරීම ගැන අවධානය යොමුකරන සුමන්තිරන්, මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සියලුම සංශෝධන එහි ඇතුළත් කර නොතිබුණු බව පෙත්සමෙන් ප්‍රකාශ කර තිබිණි.

කථානායකවරයා විසින් සහතික කරන ලදැයි කියන පනත ව්‍යවස්ථාමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් බලාත්මක කර ඇති බවට ඔහු තර්ක කරයි.

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුන්වැනි වර කියවීමේ දී කථානායකවරයා විසින් බෙදීමක් සඳහා ඉල්ලීම් ලබා නොදී වැඩි ඡන්දයෙන් පනත් කෙටුම්පත සම්මත කරන ලදී.

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ද ලැබුණේ නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද වෙනස්කම් සියල්ල කෙටුම්පතේ සංස්ථාගත කර නොතිබුණු බවත් කෙටුම්පතේ දෙවැනි හෝ තෙවැනි කියවීමේ දී එහි ව්‍යවස්ථාපිතභාවය සහතික කිරීම අවශ්‍යතාවයක් බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විශේෂ බහුතරයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍ය වන විට කථානායකවරයා විසින් නීතියක් සහතික කළ යුත්තේ එවැනි විශේෂ බහුතරයකින් පනත් කෙටුම්පත සම්මත වුවහොත් පමණක් වන අතර මෙය එම තත්ත්වය උල්ලංඝනය කිරීමක් බවයි.

එසේම, ඉහත සඳහන් සහතික කිරීම සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට සාපේක්ෂව පනත් කෙටුම්පත පරීක්ෂා කිරීමට පෙර බව ද එහි දක්වා තිබේ.

ඒ අනුව එම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව කිසි විටෙක නීතියක් බවට පත් කර නොමැති බව ඔහු කියා සිටියි.

කථානායකවරයා මහජන විශ්වාසය කඩ කර ඇති බව ද එහි සඳහන් විය.

ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයා “2024 අංක 9 දරන ඔන්ලයින් ආරක්ෂණ පනත ලෙස ප්‍රකාශිත ලියවිල්ල” අත්හිටුවීමේ අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එක්සත් සියවස් පෙරමුණේ පෙත්සම මෙම පෙත්සමෙන් තවදුරටත් ඉදිරියට යන්නේ, පෙත්සම්කරුවන්ගේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ කඩිනමින් ප්‍රකාශයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමෙනි.

42.31%
17.27%
32.76%