March 15, 2025

විවාහවීම හේතුවෙන් පිරිමින් තරබාරු වීමේ අවදානම තුන්ගුණයකින් වැඩිකරන බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, විවාහයෙන් පසු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ශරීරයේ තරබාරු බව වැඩිවීමේ තත්ත්වයට මුහුණපා සිටියි.

එහෙත් අවිවාහක පිරිමින් කාන්තාවන් සමග සසඳන විට, විවාහක කාන්තාවන්ගේ අධික බර වැඩිවීමේ අවදානම 39%ක් සහ පිරිමින්ගේ බර වැඩිවීමේ අවදානම 62% කි.

එසේම අධ්‍යයනයට අනුව, විවාහක පිරිමින් ඔවුන්ගේ අවිවාහක සගයන්ට වඩා තාක්ෂණික වශයෙන් තරබාරු අය ලෙස වර්ගීකරණය කිරීම 3.2 ගුණයකින් වැඩිබව හෙළිවී තිබේ.

මෙම සොයාගැනීම කාන්තාවන් තුළ පිළිබිඹු නොවූ අතර, පෝලන්ත පර්යේෂකයන් පැවසුවේ, තරබාරු කාන්තාවන් සමාජය විසින් බොහෝ විට අපකීර්තියට ලක්වීම ඊට හේතුවිය හැකි බවයි.

වෝර්සෝ හි ජාතික හෘද රෝග විද්‍යා ආයතනයේ වෛද්‍ය Alicja Cicha-Mikolajczyk, කාන්තාවන්ට තරබාරුකම සමඟ ජීවත්වීම අසීරු බැවින් ඔවුන් බර අඩුකර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමට නැඹුරුවන බව පෙන්වාදී ඇත.