February 1, 2024

වොෂින්ටන් ප්‍රාන්ත සෙනෙට් සභාව ජනවාරි 26 වැනි දින ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය පිළිගැනීමේ යෝජනාවක් සම්මත කළේය.

ඒ අනුව, ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය පිළිගැනීමේ යෝජනාවට සහය ලබා දුන් වොෂින්ටන් ප්‍රාන්ත සෙනට් සභාවට ඉන්දීය කොන්සල් ජනරාල්වරයා සිය ස්තූතිය පළකර තිබේ.

ජනරජ දිනය ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය ලෙස සලකයි.

මෙම ජනරජ දිනය නිමිත්තෙන් අමෙරිකා එක්සත් ජනපද ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ” ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන්, මම ඉන්දියාවේ ජනරජ දිනයේදී ඉන්දියානු ජනතාවට සුබ පතනවා. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කල්පවත්නා රාමුවක් සහ එහි ගෝලීය නායකත්වය සඳහා පදනමක් අඛණ්ඩව සපයයි” යනුවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.