Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කහවත්තේදී පසුගියදා වයෝවෘද්ධ කාන්තවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ඉලක්ක කෙරුණේ මියගිය කාන්තාවගේ දියණියකි.
පොලිසිය විසින් එකී දියණිය සැකපිට අත්අඩංගුවට ගත අවස්ථාවේදී ඇතැම් ජනමාධ්‍ය ආයතන එම ප්‍රවෘත්තිය වාර්තා කළේ ඇය සැකකාරියක බව අමතක කරමින්, ඇය සම්බන්ධයෙන් තීන්දුව පවා ලබාදෙමිනි.
කෙසේවෙතත් කිසිදු සාක්ෂි රැස්කිරීමකින් තොරව ඇයව අත්අඩංගුවට ගත් පොලිසිය පසුව කිවේ, කැකිල්ලේ කතාවකි. එනම් අසල්වාසීන්ගෙන් අනතුරක් වෙතැයි සිතා, දියණියගේ ආරක්ෂාවට, ඇයව අත්අඩංගුවට ගත් බවයි.
කෙසේවෙතත් අධිකරණය විසින් ඇයව නිදහස් කරනු ලැබූ අතර, දැන් සැබෑ සැකකරුවා යැයි කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වූයේ, සහෝදර ජනමාධ්‍යවේදියකු වන ජානක සුනෙත් බණ්ඩාරගේ මවයි. පොලිසිය විසින් නිවැරැද්දේ අත්අඩංගුවට ගෙන ජනමාධ්‍යය ලවා ‘ලෝකාපවාදයට’ ලක්කළේ ඔහුගේ සහෝදරියයි.
මේ ඊයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජානක සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකි.
‘ජනවාරි පළමුවැනිදා උසාවියේදී වැඩ ඇල්ලුවෙමි. මගේ අම්මා මරාදැමීමට අදාළ වැදගත් සාක්ෂි රැසක් සමග සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැළඳ සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාරගැනීමට මම ගරු අධිකරණය තුළ සිටියෙමි. අම්මාගේ නංගීත් (පුංචි)සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමග පැමිණියහ.
අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි. නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්,නඩුවේ කතාවත්,අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තා කිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා,මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන්‍ය) පොරකමින් වෙනදා සිටියද, ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.
සාක්ෂි සමග සැකකරු වන දොලේ බාස් ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කළ මිනීමැරුමේ යුක්තිය පසිඳලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක. (පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතාකරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය ).
මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිදු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කල එක් ප්‍රධාන මාධ්‍යයක ප්‍රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කළෙමි. ඒ දිනවල ග්‍රැෆික් රූප සමග නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කල පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කළෙමි.
“මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා.එයා කිව්වා ඊළඟ නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල.”
ඔවුන් විසින් අගතිය පත් කරන ලද මමත්,නංගීත් ,පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලවි නොකළ යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු ,මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි. ඒත් මදකින් මෙසේ කීවෙමි “මචං ඊයේ නඩුව තිබුණා. ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණයවත් තත්පරයක නඩු වාර්තාවක්වත් ගියේ නෑනෙ ඊයෙත්”.
මගේ මිතුරා මෙසේ කීය “අප්පට සිරි….වන අහවලා ..(ප්‍රවත්ති අධ්‍යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං” එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්‍යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රෙණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි. වෙනදා මගේ ඇමතුමකට එසැනින් “ඔව් මචං,හෙලෝ සුනෙත් කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති. මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය. කොතරම් සමීප මිතුරන් වුව දැන් සුහදව කතාකර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටුකරගත නොහැකි බවය.
අහෝ මගේ මාධ්‍ය මිතුරු ,මිතුරියනි ඔබ මට මෙසේ කළා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමග කෙසේ නම් සෙල්ලම් කරනවා ඇද්ද? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කල යුතු යැයි අවංකව හඩ නගන සබුද්ධික මහජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුළාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි.
ජානක සුනෙත් බණ්ඩාර
2024.01.02. දහවල් 12.35’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart