Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ නම්, මේ රටේ මිලියන 22ක ජනතාවටම වන්දි ගෙවීමට තරම් මුදල් රාජපක්ෂ සොහොයුරන් සතුව රටින් පිටත ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.
රටේ ආර්ථිකය බංකොලොත් කළ පුද්ගලයන්ගෙන් වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය දැන්ම ආරම්භ කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
රාජපක්ෂ සහෝදරයන් රටින් බැහැරව සඟවා ඇති මුදලින් පමණක් රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි බවද ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.
“රටින් පිටත තැන්පත් කර ඇති සියලුම මුදල් ගෙන්වාගත හැකියි. එම මුදලින් පමණක් රටේ ආර්ථිකය පණගැන්විය හැකියි. රටේ ආර්ථිකය කඩාවැටුණේ එවකට සිටි ජනාධිපතිවරයා, ඔහුගේ සහෝදරයන් සහ ඔවුන් සමඟ වැඩකළ තවත් කිහිපදෙනෙක් විසින් මහජන මුදල් සොරකම් කර තිබීම නිසයි.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය කළ යුතුව තිබුණේ, මේ රටේ සෑම පුරවැසියෙකුටම වන්දි ගෙවා සොරකම් කළ මුදල් භාණ්ඩාගාරයට ගෙන්වා, රටේ ආර්ථිකය නඟා සිටුවීමට කටයුතු කරන ලෙසට නියෝග කිරීම බවයි.
රටේ සෑම පුරවැසියකුටම වන්දියක් ඉල්ලා, සොරකම් කළ මුදල් ආපසු ගෙනැවිත් ආර්ථිකය යළි නගාසිටුවීමට ඉල්ලා සිටීමට අයිතියක් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart