Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නම්කර ඇති සියලුම රාජ්ය සේවකයන් නාමයෝජනා භාරදීමට පෙර ඔවුන් සිටි රාජ්ය කාර්යාල ශාඛාවල නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
“පළාත් පාලන මැතිවරණය සඳහා නම් කළ රාජ්ය සේවකයන්ට සාධාරණය ඉටුකිරීමට අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා ඔවුන් නාමයෝජනා දීමට පෙර සේවය කළ කාර්යාලවල ඔවුන්ව ස්ථානගත කරන්න” යැයිද විපක්ෂ නායකවරයා නැගූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා පැවැසීය.
මේ අතර, රාජ්ය ඇමැති ජානක වක්කුඹුර කියාසිටියේ, මැතිවරණයෙන් ඉවත්වීමට කැමති රාජ්ය සේවකයන්ට ඒ සඳහා අවසර ලබාදෙන බවයි.
“මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට කැමති අයට එසේ කිරීමට හැකි වන පරිදි පළාත් පාලන මැතිවරණ ආඥාපනතට අපි සියලු සංශෝධන ගෙන එනවා” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart