
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝදුරට අලුත් අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඔහුව ධූරයෙන් පහකිරීමේ යෝජනාව සම්මත කිරීමට පෙර පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.
ස්ථාවර නියෝග අනුව කමිටුව පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 113කින් සම්මත කළ යුතුව ඇත.
අගවිනිසුරුවරයා පත්කරන විනිසුරුවරයකු, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේ එකඟත්වයෙන් පත්කෙරෙන නියෝජිතයකු මෙම කමිටුවට ඇතුළත් වෙයි.
ත්‍රිපුද්ගල කමිටුව ලබන 8 වැනිදා පත්කිරීමෙන් අනතුරුව, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කිරීමට එම කමිටුවට යම් කාලයක් ගතවනු ඇත.
දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් පහකිරීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කෙරෙන්නේ එම කමිටුවේ වාර්තාව කතානායකවරයාට භාරදීමෙන් අනතුරුවය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු පාර්ශවකරුවන් නවදෙනකු ඉදිරිපත් කළ පෙත්සම් සළකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවා කටයුතු අත්හිටුවමින් පසුගිය වසරේ ජූලි මස 24 වැනිදා නියෝගයක් නිකුත් කළේය.
වැලිගම හෝටලයක් ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටී.
ඔහු රඳවා සිටින්නේ මහනුවර දුම්බර බන්ධනාගාරයේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් පහකිරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට පසුගියදා බාරදෙනු ලැබීය.
විෂමාචාර සහ දූෂණ, ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැරහැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාවට සහාය පළකිරීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇත.
මේ අනුව, එම යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය බහුතරය ස්ථීරයෙන්ම ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart