Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්ත්‍රීවරුන් 113කගේ සහාය ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීට පෙර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී, මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ව්‍යවස්ථාපිතව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලීමක් කර තිබිණි.
එහෙත් පසුව වාර්තා වුයේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට නොයන බවයි.
මේ පසුබිම තුළ රාජපක්ෂට හිතවත් ඇතැම් මන්ත්‍රීවරුන් හදිසි මහ මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරගැනීමට අදහස් කරන බව වාර්තා විය.
කෙසේවෙතත්, බොහෝ මන්ත්‍රීවරුන් ඉක්මන් මහ මැතිවරණයකට සූදානම් නොමැති බැවින් එම උත්සාහය අසාර්ථක වී තිබේ.
ඒ අනුව මහ මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ 2025 වසරේ දී පමණි.
මේ අතර සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 18 අතර දිනයක ඡන්දය පැවැත්විය හැකි පරිදි ජූලි මස අග හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ යුතුව ඇත.
ඊට පෙර එන ඕනෑම මැතිවරණයක් මගින් සිදුවන්නේ මැතිවරණ කොමිසම අමතර වෙහෙසකට පත්කිරීමකි.
එසේම ඒ වෙනුවෙන් තවත් රුපියල් බිලියන 10ක් වැය වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ.
එසේ වුවද බහුතර මන්ත්‍රීවරුන්ට එවැනි මැතිවරණයක් අවශ්‍ය බව ඔප්පුකිරීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් ඉල්ලා තිබිණි.
මේ අතර, මේ වසරේ පැවැත්වීමට නියමිත ඉතා වැදගත් මැතිවරණවලට පෙර බලය පෙන්වීම සඳහා මෙවර මැයි දින රැලි දැවැන්ත අයුරින් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart