
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි මැතිවරණය විපක්ෂය බලය ලබා ගැනීමේ තවත් උත්සාහයක් ලෙස සැළකුව ද රජය එය අවස්ථාවක් කර ගන්නේ ග්‍රාමීය ප්‍රජාවන්ට මහජන අරමුදල් වෙන් කිරීම දූෂණයෙන් තොරව ළඟා කිරීමට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඊයේ (21) පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මැද කොළඹ මාලිගාවත්ත කොට්ඨාශයේ පැවති මහජන රැස්වීමක් අමතමිනි.
ජන රැස්වීමේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තවදුරටත් මෙසේ පැවසුවාය.
” අපගේ රජය දැනටමත් වැඩ ආරම්භ කර තිබෙනවා.
ඉදිරි මාස අට ආවරණය වන පරිදි අපගේ පළමු අයවැය අපි ඉදිරිපත් කළා. අපගේ ඉලක්කය වන්නේ වසර ගණනාවක් තිස්සේ දුක් විඳි ජනතාවට යම් සහනයක් සහ සංවර්ධනයක් ගෙන ඒම සහ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමයි.
වත්මන් රජය විවේචනය කිරීමට උත්සාහ කරන අය පෙර රජයන්ගේ මූල්‍ය අක්‍රමිකතා ගැන කතා කරන්නේ නැහැ.
අපි රාජ්‍ය මූල්‍ය උපරිම විචක්ෂණශීලීව කළමනාකරණය කරනවා. ජනතාවගේ යහපත සඳහා සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට කැපවී සිටිනවා.
බිම් මට්ටමේ මෙම මුලපිරීම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා, අපට පිරිසිදු හා දක්ෂ දේශීය නායකත්වයක් අවශ්‍යයි.
එබැවින්, මෙම මැතිවරණය අතිශයින්ම තීරණාත්මකයි.
අපේ ප්‍රමුඛතම කාර්යය වන්නේ පෙර පරිපාලනයන් විසින් අතහැර දැමූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර සම්පූර්ණ කිරීම සහ වැරදි නිවැරදි කිරීමයි.
වත්මන් රජය වියදම් කරන සෑම රුපියලක් ගැනම සැලකිලිමත්.
වෙන් කරන ලද මහජන අරමුදල් ගම්වලට යවන විට ප්‍රාදේශීය මට්ටමින් ඉන්නේ සොරුන් නම්, සංවර්ධනය කරන්නේ කොහොමද ? රට නිවැරදි දිශාවට යොමු කිරීමට ජනතාව ගනු ලබන තීරණය තුන්වැනි ප්‍රධාන අභියෝගය මැයි 6 තියෙන්නේ. පසුගිය මැතිවරණවලට සමාන ජයග්‍රහණයක් එහිදීත් අපි ලබා ගනිමු.
කොළඹ නගරාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ නාමයෝජනා දුන්නේ දේශපාලනික පෙළපතකින් උසස් වූ පුද්ගලයකුට නෙවෙයි. කොළඹ වීදිවල ඇවිද ගිය, එහි ජනතාව තේරුම් ගත් සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳ ගැඹුරින් දන්නා කෙනෙක්ව.
ව්‍රායි කැලි බල්තසාර් මගේ පෞද්ගලික ලේකම් ධුරය දැරූ කාලය තුළ, නගරාධිපති ධුරය සඳහා ඇය වඩාත් සුදුසු වන සංකීර්ණ කරුණුවලට සංවේදීව හා දක්ෂ ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නිරන්තරයෙන් පෙන්නුම් කර තිබෙනවා.” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
දූෂිත දේශපාලනයෙන් ජාතිය මුදා ගැනීමට සහ දිගුකාලීන අභියෝග විසඳීමට ප්‍රවේශමෙන් සළකා බලා තම ඡන්දය භාවිත කරන ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart