42.31%
17.27%
32.76%
October 18, 2023

මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සමග අද (18) රැස්වීමක් කැඳවා තිබේ.

එමෙන්ම පළාත් පාලන ඡන්දයද මෙතෙක් අවලංගු කර නොමැති බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.

“අපි මේ රැස්වීමට කැදෙව්වේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමකට අනුවයි. අද පැවැත්වෙන රැස්වීමේ ප්‍රතිඵලය මම කැබිනට් මණ්ඩලයට දන්වන්නම්. 2019 සහ 2020 මැතිවරණ ප්‍රතිසංස්කරණ ගෙන ඒමට වත්මන් රජය ජනවරමක් ලබාගෙන තිබුණා. රැස්වීමට බොහෝ පාර්ශවයන් එකඟ වී තියෙනවා.”

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර ඇත්තේ, තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය මෙම රැස්වීමට සහභාගී නොවන බවයි.

“මුලින්ම මැතිවරණ පවත්වන්න, ඊට පස්සේ අපිට මැතිවරණ ප්‍රතිසංස්කරණවලට යන්න පුළුවන්. ආණ්ඩුව මැතිවරණ ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ මුවාවෙන් මැතිවරණ කල් දැමීමට උත්සාහ කරනවා” යැයි විපක්ෂනායකවරයා සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%