January 24, 2024

පවතින භාණ්ඩ මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කරයි.

රුපියල ඉතා සෙමින් ඉහළ යන බැවින් දැන් කළ යුතුව ඇත්තේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට පියවර ගැනීම බවද සාගල රත්නායක පවසයි.

එළවළු වැනි ඇතැම් භාණ්ඩවල මිල නිතර උච්චාවචනය වන නමුත් විදේශ විනිමය වැයකර ගෙන්වන භාණ්ඩ මිල අඩුම අගයකට පැමිණ ඇති බව ඔහු සඳහන් කරයි.

ඔහුට අනුව, රජයේ සේවකයන්ගේ වැටුප මෙම වසරේ රුපියල් 10,000කින් වැඩිකරන නමුත්, එම මුදල මිල ඉහළ යෑම සළකා බැලීමේදී වියදම් පියවා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

රජය ක්‍රියාත්මක කරන ක්‍රියාපටිපාටියේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බවද සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%