52.9%
21%
19.6%
September 5, 2023

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන පාර්ලිමේන්තුවේ හැර අනෙක් උපදෙස් පිළිනොගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පැහැදිලිවම වැරදිසහගත බව ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වාදෙයි.

අධිකරණය ක්‍රියාත්මක කරන්නේ රජයේ නාමයෙන් වුවත් එය නීතිය සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයෙන් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන විධායකයෙන්ද වෙන්ව කටයුතු කළ යුතු බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ‘නීතිඥ සාමුහිකය’ විසින් සංවිධානය කර තිබූ සංවාදයක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එහිදී මෙසේද පැවැසීය.

“‘අධිකරණය ක්‍රියාත්මක කරන්නේ රජයේ නාමයෙන් වුවත් එය නීතිය සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයෙන් මෙන්ම නිතිය ක්‍රියාත්මක කරන විධායකයෙන්ද වෙන්ව කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ යෝජනාවක් හෝ රෙගුලාසියක් අධිකරණය මඟින් සමාලෝචනය කිරීමට අධිකරණයට අයිතියක් ඇති බවත්, පනතක් මෙන් නොව එවැනි යෝජනාවක් හෝ නියෝගයක් විශේෂ මුක්තියක් නොමැති බවත් 1968දී පමණ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වූ නීති විශාරදයෙක්වන වීරමන්ත්‍රී විනිශ්චයකාරවරයා කියා සිටියේ සුප්‍රසිද්ධ රන්බණ්ඩා එදිරිව ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය නඩුවේදී.

ව්‍යවස්ථාව හා නීතියට අනුව රජයේ ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමේදී ඍජුව හෝ වක්‍රව අධිකරණයට කිසිදු ආකාරයකට බාධා නොකළ යුතු බව නීතිඥ සාමුහිකයවන අපි අවධාරණය කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි අපගේ දැඩි කැපවීමෙන් එක්සත් වෙනවා. තම ස්වාධීනත්වයට තර්ජනයක් වූ විට තමන්ට කතා කළ නොහැකි විනිශ්චයකාරවරුන්, වරියන් වෙනුවෙන් කතාකිරීම නීතිඥ වෘත්තියේ අපගේ වගකීමක්. එය තමයි අපි මේ ඉෂ්ට කරන්නේ.”

52.9%
21%
19.6%