Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට විදේශීය ඔත්තු බැලීමේ නෞකා පැමිණෙන්නේ නැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, පසුගිය ජූනි මාසයේදීද කොළඹට පැමිණ ඇති බව හෙළිවේ.
චීන බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ යාත්‍රාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුව වසරකට ආසන්න කාලයකට පසු, ඔත්තු බැලීමේ හැකියාවන් සහිත SIGINT (Signal Intelligence) එකතු කිරීමේ ප්‍රංශ නෞකාවක් වන Dupuy de Lôme සංචාරයක් සඳහා පසුගිය ජූනි මාසයේ 21වැනිදා පෙරවරුවේ මෙලෙස කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගෙන ඇත.
Dupuy de Lôme යනු මීටර් 102.40ක දිගින් යුත් නෞකාවකි. 107 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත විද්‍යුත් චුම්භක පර්යේෂණ නෞකාවක් වූ එහි අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ ඔගස්ටින් බ්ලැන්චෙට් ය.
කෙසේවෙතත්, වෙනත් රටක් කනස්සල්ලට පත්වුවද, ශ්‍රී ලංකාවට ඔත්තු බැලීමේ නෞකා නොපැමිණෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති සාගර ජාතීන්ගේ තුන්වැනි වාර්ෂික ඉන්දු පැසිෆික් දූපත් සංවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඇතුළත් පුවත පහතින් දැක්වේ.
කවුරු කලබල උණත් ලංකාවට ඔත්තු බලන නැව් එන්නේ නෑ – ජනපති අමෙරිකාවේදී අවධාරණය කරයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart