October 22, 2023

කෘෂිකර්ම අමාත්‍යංශයේ පොහොර සැපයීම භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් තනතුරකට මාරු කිරීමට ඇමැති මහින්ද අමරවීර තීරණය කර තිබේ.

යල කන්නය සඳහා යූරියා මිලදී ගැනීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී මාස තුනක් ගතවී ඇතත් ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන නොමැති බැවින් මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

රටවල් කිහිපයක් අතර පවතින ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යූරියා ඇතුළු සියලුම පොහොරවල මිල ඉහළ යෑමේ අවදානම සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන පරිදි ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණු මැයි මාසයේදී පොහොර මිලදී ගත්තේ නම් මීට වඩා බෙහෙවින් අඩු මිලකට යූරියා මිලදී ගැනීමට හැකියාව තිබිණි.

යූරියා මෙට්‍රික් ටොන් එකක් එකල ඩොලර් 350කට පමණ මිලදී ගත හැකි විය.

කෙසේ වෙතත්, දැන් එම මිල ඩොලර් 650 ඉක්මවා තිබේ.

යූරියා මිලදී ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් රජයට සැළකිව යුතු මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

42.31%
17.27%
32.76%