November 19, 2023

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය සඳහා අරගලය අත්නොහරින ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උපදෙස් දුන් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති.

කාදිනල් හිමිපාණන් ඇතුළු ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සාමාජිකයන් සම්ප්‍රදායික අනිවාර්ය ඇඩ් ලිමිනා සංචාරය වෙනුවෙන් රෝමය වෙත ගොස් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදී තිබේ.

“පාස්කු ඉරිදා වින්දිතයන් වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය සඳහා වන අපගේ අරගලය අත්නොහරින ලෙස පාප් වහන්සේ අපට ප්‍රකාශ කළහ,” කාදිනල් රංජිත් හිමිපාණන් සිය 76 වැනි ජන්ම දිනය සැමරීම සඳහා බොරැල්ල අගරදගුරු මන්දිරයේ පූජනීය දේවස්ථානයේ පැවැති ශුද්ධ වූ දිව්‍ය පූජාවේදී සිය දේශනය පවත්වමින් පැවැසීය.

තමාට සහ රදගුරු සමුළුවේ සාමාජිකයන්ට ශුද්ධෝත්තම පියතුමා හමුවීමට සහ උන්වහන්සේ සමඟ සංවාදයේ යෙදීමට අවස්ථාව ලැබුණු බව කාදිනල්තුමා ප්‍රකාශ කළහ.

“පාප් වහන්සේ විසින් භාවිත කරන ලද වචන පරිවර්තනයෙන් අදහස් කළේ කිසිදා අරගලය අත්නොහරින්න” යන්න බව කාදිනල්තුමෝ පැවසූහ.

42.31%
17.27%
32.76%