Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන තුවක්කුකරු බවට සැකකරන හිටපු නාවික හමුදා නිලධාරියාගේ බිරිඳ සහ පියා බෙලිඅත්තේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පල්ලෙවෙල, පාතගම ප්‍රදේශයේ සැඟවී සිටියදී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 350ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
බෙලිඅත්ත වෙඩිතැබීම සඳහා පැමිණි ප්‍රධාන වෙඩික්කරු සහ තවත් තුවක්කුකරුවන් දෙදෙනකු සිද්ධියෙන් පසු ඩුබායි වෙත පළාගොස් ඇති බව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ඒ සඳහා ගුවන් ටිකට්පත් සකස් කරදී ඇත්තේ ඩුබායි හි සිටින තවත් සංවිධානාත්මක අපරාධවල නිරත ‘නිපුන’ නමැත්තකු විසින් බවද අනාවරණය වී තිබේ.
පාතාල නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන ඩුබායිහි සැඟවී සිටින හරේන්ද්‍ර ගුණතිලක හෙවත් හර්ෂ නමැත්තා තුවක්කුකරුවන්ට උපදෙස් ලබාදී ඇති බව ද ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනකු මෙලෙස බෙලිඅත්තේදී වෙඩිතබා ඝාතනය කිරීමේ මහමොළකරු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයකු බවට මීට පෙර තොරතුරු හෙළිවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart