December 15, 2023

මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය නව ක්‍රමවේදයක් දියත්කර තිබේ.

ඒ සඳහා සියලුම පොලිස් ස්ථාන සම්බන්ධ කරමින් විශේෂිත දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

නව ක්‍රමය යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයකුගේ තොරතුරු ලබාදීමෙන් අතීත අපරාධ වාර්තා නැවත ලබාගැනීමට පොලිසියට හැකියාව ලැබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලුදෙනාගේ තොරතුරු දත්ත පද්ධතියට යාවත්කාලීන කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මෙම දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ 14) පොලිස් මූලස්ථානයේදී සිදුවිය.

42.31%
17.27%
32.76%