Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ අරගල සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළුවී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක නිරතවීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරුන් වෙත සිය කණගාටුව පළකර සිටියේය.
එම විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් 11දෙනකු විසින් ගොනුකළ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය සහ යුද හමුදාව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එලෙස කණගාටුව ප්‍රකාශ කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදගොඩ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණදුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කණගාටුව පළ කරන බව සඳහන් කළේය.
ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකඟතාවය පළකළහ.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
නීතිඥ නලනි කාමලිකා මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරු 11 දෙනකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart