Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව දමාගොස් සිටියදී මරණයට පත්වූ දින 11ක් වයැසැති බිළිඳු දරුවකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නීතීඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් කුරුණෑගල මූලස්ථාන පොලිලීසියට නියම කළේය.
රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්වූයේ පිරිමි ළදරුවෙකි. ළදරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට අදාළ නියෝගය ලබාදුන්නේය.
නොමේරු තත්ත්වයක උපත ලද දරුවා ප්‍රසූත කළ මව දරුවා ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව කිසිවෙකුටත් නොදන්වා මීට දින කීපයකට පෙර රෝහලින් පිටව ගොස් තිබිණි. ඒ අතරේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවා මියගොස් ඇත.
ඒ අනුව, මියගොස් සිටින ළදරුවාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා මාපියන් සොයා ඔවුන් හා සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නීතීඥ තෙන්නකෝන් පොලිසියට නියම කළේය. එසේම ළදරුවාගේ මාපියන් රටින් පැන යාහැකි බවට ලද තොරතුරක්ද සැළකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට රටෙන් පැනයා නොහැකි වන ලෙස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට දන්වන ලෙසද නියම කළේය.
පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් මෙම ළදරුවාගේ මාපියන් බවට සැකකරන අතර, ධම්මි අබේසිංහ නමැති තරුණ කාන්තාවක් දරුවා ප්‍රසූත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවට සැකකරන පොලිසිය මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සැඟව සිටින තැන් සොයා විමර්ශන සිදු කරමින් සිටී.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart