Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්ස් ප්‍රෙස් පර්ල් නෞකා අනතුරින් පසුව මෙරට මුහුදු ප්‍රදේශවලට ආවේණික සාගර විසිතුරු මත්ස්‍ය විශේෂ රැසක් වඳ වී ගොස් ඇති අතර, කුඩා මත්ස්‍ය විශේෂ රැසක් ක්ෂය වී ඇති බව විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් අනාවරණය කර ඇතැයි පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සංවර්ධන සභාපති අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි.
විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ට පෙර මෙන් මෙම මත්ස්‍ය විශේෂ පහසුවෙන් සොයාගැනීමට නොහැකි වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
එපමණක් නොව, පසුගිය වකවානුවේ හාල්මැස්සන් වැනි බොහෝ ආහාර මත්ස්‍ය ප්‍රභේද ද ක්ෂය වී ඇති අතර, විශාල මත්ස්‍ය විශේෂවල සහ කැස්බෑවන්ගේ මළකඳන් බහුලව වෙරළට ගසා ඇති බව ඔහු පවසයි.
එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ ඛේදවාචකයෙන් පසු තවත් කුඩා මත්ස්‍ය විශේෂ ක්ෂය වී ඇති බවත්, එම බලපෑම තවමත් මුහුදේ දක්නට ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කරයි.
නෞකාවේ ඇති විෂ සහිත අපද්‍රව්‍ය හේතුවෙන් විසිතුරු මසුන්ගේ වර්ණ විවිධත්වයට දැඩි හානි සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart