Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට දුරකථනයෙන් කතාකර ඔහු සහ ඔහුගේ පවුලේ අයව මරාදමන බව කියමින් රුපියල් කෝටි පහක කප්පමක් ඉල්ලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඩුබායි රාජ්‍යයේ සිටින රුචිෂාන් නමැත්තකු විසින් මෙම කප්පම් ඉල්ලීම සිදුකර තිබේ.
තමාට වට්ස්අප් අංකයකින් කතාකර තමාව සහ පවුලේ අයව මරාදමන බවට තර්ජනය කර රුපියල් කෝටි 5ක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
පසුව මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට බී. 25014/2023 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුව මෙම විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට පැවැරීමට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.
ඉන් අනතුරුව එහි අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී විසින් එම කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකයට ඵම විමර්ශනය භාරදී තිබේ.
මෙලෙස සිදුකර ඇති විමර්ශනය නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ සිදුකර ඇති අතර, මෙලෙස මරණීය තර්ජන කර හිටපු නගරාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ උදවිය මරාදමන බවට තර්ජනය කර ඇත්තේ ඉකුත් ජුනි මස 13 වැනිදා ඩුබායි රාජ්‍යයට ගිය රුචිෂාන් නමැත්තකු බවට එම විමර්ශන ඒකකය හඳුනාගෙන ඇත.
ඒ අතර මෙම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක නිලධාරියාගේ ජංගම දුරකථනයටද වට්ස්ඇප් අංකයෙන් ඇමැතුමක් ලබා දී එම විමර්ශනයෙන් ඉවත්වන ලෙස පවසා තිබේ.
එම ඇමතුම නිලධාරියාගේ දුරකථනයේ අන්තර්ගතව ඇතැයි එම ඒකකය පවසයි.
ඉකුත් දෙසැම්බර් මස 10 වැනිදා ලබාදුන් එම ඇමැතුමෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහුගේ වැඩවලට ඇඟිලි නොගසන ලෙසත්, එසේ නොවුවහොත් නිලධාරියා ඉදිරියේ නිලධාරියාගේ බිරිය දූෂණය කර දරුවා මරා දමන බවත්ය.
ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක ජයතිලක දෙසැම්බර් 11 වැනිදා තොරතුරු සටහන් පොතේ ඒ බවට සටහනක්ද යොදා තිබේ.
ඊට බිය නොවූ නිලධාරියා දිගින් දිගටම විමර්ශන සිදුකරද්දී පෙනී ගොස් ඇත්තේ මෙම කප්පම් ඉල්ලීම මෙරට සිටින පුද්ගලයකුගේ උපදෙස් මත සිදුකරන ලද්දක් බවය.
ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයේදී කුඩා බුත්ගමුව අංගොඩ ලිපිනයේ පදිංචි සමන් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරයාගේ උපදෙස් මත මෙම සිද්ධිය සිදුව ඇති බවට විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී තිබේ.
ඒ අනුව නිලධාරීන් කුඩා බුත්ගමුව අංගොඩ ලිපිනයට ගොස් ඇති අතර එහිදී සමන් නමැත්තා නිවෙසේ සිට ඇත.
ඉන් පසු නිලධාරීන් මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සමන් නමැති අය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහුගේ ජංගම දුරකථනයද නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart