January 5, 2024

කුමන පාර්ශවයක් විරුද්ධ වුවද මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.

කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් අපරාධ වාර්තා කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් සහ වෙබ් අඩවියක් හදුන්වාදීමේ උත්සවය අමතමින්, ඇමැතිවරයා මේ පිළිබදව පවසා ඇත.

සමාජ මාධ්‍ය අවභාවිතය, අපරාධ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම හා වංචා සම්බන්ධයෙන් පසුගිය වසරේ ලැබුණු පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් කෙරෙහි අවධානය යොමුකරමින්, මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කඩිනම් කිරීමට තීරණය කළ බව ඔහු සදහන් කරයි.

එහෙත්, අන්තර්ජාතික සංවිධාන, තානාපති කාර්යාල හා විවිධ කණ්ඩායම් මෙම පනත් කෙටුම්පතට එරෙහිව අදහස් පළකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

කෙසේවෙතත්, මෙම පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ තීරණය කළ බව හෙතෙම අවධාරණය කර ඇත.

 

42.31%
17.27%
32.76%